Sunday, April 3, 2016

මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි......

මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි. පැහැයෙන් හැඩයෙන් වෙනස් බව නම් සැබෑයි. ඒත් නොකියාම බෑ. මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි.
කාලයක් තිස්සෙම හිත යට ගුලිකරන් විඳින විඳවන සිතුවිලි ගොන්නක්ම බෝස් ගාල හිත පුරා පත්තු වෙනකොට ඇහැට ආවෙ සතුටු කඳුලක්ද නැත්තම් හැම ‍මොහොතකම හිත මත්තට වාන් දාන කඳුළු තරංගයක්ද කියලවත් ඇත්තමයි මට හිතාගන්න බැරි වුණා. හරියටම ඒ මොහොතෙම තමයි ඕන එකක් කියල  Thankyou කියන ගමන්ම මෝදුවෙන කුළක් අමාරුවෙන් මං හංග ගත්‍‍තෙ.  
බොහොම කාලෙකට ඉස්සර මේ විදියටම ඔතල බොහොම අමාරැවෙන් පරිස්සම් කරගෙන ආව පුංචිම පුංචි දිග තෑග්ගක් ඔයා මං අතේ තිබ්බ මට හොට මතකයි. (ඒ විනාඩි දහයෙන් කොළඹට එන ඔයාගෙ ඔරලෝසුවේ පොඩි කට්ට රවුමක්ම කැරකෙනකන් බලන් ඉල මගෙ ඉවසීමේ රතු සීමාව පනින්න ඔන්න මෙන්න තියෙද්දි දුවගෙන ආපු ඔයාගෙ ඇස් දෙක තාරුකා දෙකක් වගේ දිළිසි දිළිසි අදටත් පුරුද්දට වගේ හිස්ම හිස් මගෙ අත දිහා බලන ගමන්).එදත් අද වගේම හොට හයියෙන් හොලවල "මොකක්ද මේ?" කියල මං ඔයාගෙන් ඇහුව මට හොට මතකයි. කොහොමටවත් ඔයා ඉස්සරහ දිගහරින තෑගි මල්ල දිහා බලන්න අකමැති වුණ ඔයාගෙ තෑග්ග කෝච්චියට (මං පයින් යන වේගෙන් දුවන) නැග්ග ගමන් ලිහල බලපු මට වැටහුණු, ඔයා වචනෙකින්වත් නොකියපු දාහක් දේවල් ආයෙමත් මතක්වෙයි කියන බයටමයි ‍පෙරැත්ත කරද්දිත් ලිහල බලන්න කියපු මේ පුංචි තෑග්ග කොහොමටවත් සෙනග පිරුණු ඒ පැසේජයේ දිග නාරින්න මං පරිස්සම් වුණේ.
ත් අන්තිමට මට මේ තෑග්ග දිග අරින්නම වුණා. ඔයා වගේම කාගයක් මං ළින් හිටපු , මට ආදරේ කරපු ලොකුම ලොකු හිත් දෙකක අයිතිකාරියො දෙන්නෙක්ම මට සතුටු කරන්න වුණ නිසා (ඇත්තටම ඒ තමයි මට කරන්න ඉතිරිවෙලා තිබුණු එකම දේ). පුංචිම පුංචි හුරුබුහුටි ඔරලෝසුවක්....( හරියටම ඔයා හිතුව වගේම පුරුද්දට වගේ හැමදාම හිස් මගෙ අතට වැඩියෙන්ම වටින දේ).
ස්වලට නැගුණු කුළු බිංදු දෙක බොරු හිනාවක අමාරුවෙන් දියකරල ඇත්තමයි මං ඒගොල්ලන්වත් රැවැට්ටුවා. ඒ තෑග්ගට මං ඕනවටත් වැඩියෙන් කැමති වුණ නිසා. හරියටම කිව්වොතින් මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේම නිසා. පාටයි හැඩයයි විතරමයි වෙනස්.....(ආහ්... තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා (ඇත්තටම මං ඒක අමතක කළා) ඔයාගෙ කතාකරන ඇස් දෙක විතරමයි එතන අඩුවකට තිබුණෙ)
යා යන්න එපා අයියො.... මං ඔයාට අන්තිමට කියපු වචන ටික (හරියටම මේ වගේ ඇහුණෙ නැති වුණත් මට ඇත්තටම කියාගන්න ඕන වුණ දේ), මට ඇහෙද්දිමයි එදා ඔයා වගේම හිත ගලක් කරගෙන මං එතනින් ආවේ. ආයෙමත් හැරිලවත් නොබැලුවෙ මට තිබුණ හදිස්සියටනම් නෙවෙයි . ඇත්තමයි.
ත් එක දෙයක් නම් මං හොට දන්නව. දැන් දැන් ඉහිටල අමාරුවෙන් හිනාවෙන මගෙ ජීවිතේ සතුටුම දවස්වලදි මේ ඔරලෝසුවත් මගෙ අතේ තියේවි. (අනිත් දවස්වලට හැමදාම පුරුද්ට වගේ මගෙ අත හිස්ම හිස්) සෙන පිරුණු කෝච්චියකට බස් එකකට නගින්නම වුණාම මේ ඔරලෝසුවත් ඉක්මනටම ගලවල බෑග්එකේ ඇතුලෙම සාක්කුවකට දාල හරියටම තියෙනවද කියල සැක හැරලම දැනගන්න අතගාලත් බලාවි. (මම කොහෙත්ම නොහිතපු මොහොතක නැතිවුණ ඔයා වගේම මේ ඔරලෝසුවත් නැතිවෙයි කියල මට හුක් බයයි. ඇත්තටම මට හැමදාටම ළ තියාගන්න ඕනවුණ දේවල් නැතිකරගන්න මං දැන් බොහොම ලෝබයි.)
හුගිය විසිපස් වසක ගෙවුණු මගෙ ජීවිතේ සුන්දරම මතක ටික හරියටම දෙකට කපල තරාදියකට දැම්මොත් මේ ඔරලෝසුව තියෙන පැත්ත බාගෙකට වඩා ටිකක් බර වැඩියි.මේ ඔරලෝසුවත් ඒ ඔරලෝසුව වගේමයි. පාටයි හැඩයයි විතරමයි වෙනස්.


7 comments:

  1. හරිම ලස්සනයි මේක. අරුණි මේ තරං හොඳ ලියවිලිකාරියක් වග දැනගත්තෙ අදනෙ. ඒ තෑග්ග පස්සෙ මේ තරං කඳුළු ගොඩක් හැංගිලා එළියට පනින්න ඔන්න මෙන්න ඉන්නව කියල දන්නවනං රධිකයි මමයි වෙන තෑග්ගක් හොයාගන්නව. ඒත් කවුද දන්නෙ, දිගදිග කතන්දර වල මතක කෙලවර. කෝම උනත් හුඟක් හිතට දැනුන. ඔයා මේ කියන "ඔයා" වගේම හිස් අත දැක්කම මටත් ගැලපෙනම තෑග්ග කියල ඔලුගෙඩියට ආවෙ මේක. ඒකෙන් වුණේ කඳුළු අලුත් වුණ එක තමයි, ඒත් සතුටුයි...හයිරංකාරකමට නාඬ හිටපු කොලුපැටියෙක්ට ඇහැට ගිය රොඩ්ඩක් කෙවි කෙවී කඳුළු ආවම හිතේ හැටියට ඒක පිට දාල අඬල හිත සැහැල්ලු කරගන්න පුලුවං වුණා වගේ අන්තිමේ අපි කවිකාර හිතක් එළියට බලෙංම ඇදල දැම්ම ඕං.

    ReplyDelete
  2. කෑ ගහන හිතMonday, April 04, 2016 7:38:00 AM

    මේක ඉතින් කෑ ගහන හිතක්නෙ

    ReplyDelete
  3. aneeeeeeeeee mata sinhaalen type karanna baha ne.apita oya nathuwa hugak palui akki.Godak hithata waduna e wachana tika.aththamai mata kadulu awa.hithata one tharam ka Gahanna ida denna, kawada hari katama hari e kagahilla ahevi ne.

    ReplyDelete
  4. ඔන්න අද කලාතුරකින් හිනාවෙන ලස්සන දවසක්. ලස්සනම ලස්සන පුංචි ඔරලෝසුව හරි අපූරුවට තිබුණ. කතාකරන්නත් බැරිවුණා දවස දිග මදි නිසා.

    ReplyDelete
  5. ප්ලැටනික් ලව් එකක් වගේ.

    ReplyDelete
  6. ඇත්තටම ‍මේ මට දැනෙන විදිය විතරයි. කියෙව්වාට තුති අජිත්, අමාගේ හීන සාප්පුව

    ReplyDelete