Thursday, May 5, 2016

අපි මුණගැහෙයි , එකම තැනකදි මුණගැහෙයි

මං ලියන හැම කතාවකම විෂය වෙන්නේ ප්‍රේමය. දන්නෙ නෑ මං ලියන අකුරක් ගානෙ ඔයාව මේ තරමටම අමතක කරන්න බැරි ඇයි කියල. ඒ කෝම වුණත් අමතක වෙන්න කලින් මතක් වුණ වෙලේ මං කොහෙදි හරි කියවපු මෙන්න මේ ටික අකුරු කරල යන්න මට ඕන වුණේ.

හෙට පිපෙන මල් සේරම අද රැම
කට කොනින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
 දත් පෙනෙන්නේ තවමත් ටිකයි
හෙටත් අද වගේනම් ඉතින්
 අපි කොහේ හෝ තැන තැන ඉදියි
එහෙත් එය ඇත්තක් නෙවෙයි
කොහේදි හරි නොවෙයි
 එකම තැනකදි මුණගැහෙයි


11 comments:

  1. මුණගැහුනොත් සතුටක් ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... මුණගැහුණොත් සතුටක්.
      ඒත් මේමත් හිතෙනවා.
      "සතුටකි විටක හදුනාගන්නටනොලැබීම,
      බිද දමා ගන්නේ කුමකටද මේ රොමෑන්තික දෙවොල"

      Delete
  2. ඒක ඇත්ත....................

    ReplyDelete
    Replies
    1. මතක් වුණ වෙලේ ලියල දැම්මා. මං කියවපු ලස්සන කවියක්. හැබැයි බාගයයි මතක

      Delete
  3. Replies
    1. මතකයන් අමතක කරන්න හැදුවත් අමතක වෙන්නේ නෑ

      Delete
  4. මුනනොගැහෙන එක සැනසීමක් වෙයි බල බල විඳවනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. "මදක් නැවතී සෙනෙහසින් අමතා
      ගියානම් නුඹ සිනා මල් අතුරා
      සියලු දුක් ලෝකයට පවරා
      හිත හදාගෙන ඉන්න මට තිබුණා" කියලත් හිතෙනව ඉතින්

      Delete
  5. "මදක් නැවතී සෙනෙහසින් අමතා
    ගියානම් නුඹ සිනා මල් අතුරා
    සියලු දුක් ලෝකයට පවරා
    හිත හදාගෙන ඉන්න මට තිබුණා" කියලත් හිතෙනව ඉතින්

    ReplyDelete