මං ලියන හැම කතාවකම විෂය වෙන්නේ
ප්‍රේමය. දන්නෙ නෑ මං ලියන අකුරක් ගානෙ ඔයාව මේ තරමටම අමතක කරන්න බැරි ඇයි කියල. ඒ කෝම වුණත්
අමතක වෙන්න කලින් මතක් වුණ වෙලේ මං කොහෙදි හරි කියවපු මෙන්න මේ ටික අකුරු කරල යන්න
මට ඕන වුණේ.
හෙට පිපෙන මල් සේරම අද රැම
කට කොනින් හිනැහෙනවා පෙනෙයි
ඉවසන්න ඒවා පිපෙයි
දත් පෙනෙන්නේ තවමත් ටිකයි
හෙටත් අද වගේනම් ඉතින්
අපි කොහේ හෝ තැන තැන ඉදියි
එහෙත් එය ඇත්තක් නෙවෙයි
කොහේදි හරි නොවෙයි
එකම තැනකදි මුණගැහෙයි
මුණගැහුනොත් සතුටක් ...
ReplyDeleteහ්ම්ම්ම්.... මුණගැහුණොත් සතුටක්.
Deleteඒත් මේමත් හිතෙනවා.
"සතුටකි විටක හදුනාගන්නටනොලැබීම,
බිද දමා ගන්නේ කුමකටද මේ රොමෑන්තික දෙවොල"
ඒක ඇත්ත....................
ReplyDeleteමතක් වුණ වෙලේ ලියල දැම්මා. මං කියවපු ලස්සන කවියක්. හැබැයි බාගයයි මතක
Deleteඅමතක නොකරනු
ReplyDeleteමතකයන් අමතක කරන්න හැදුවත් අමතක වෙන්නේ නෑ
Deleteමුනනොගැහෙන එක සැනසීමක් වෙයි බල බල විඳවනවාට වඩා.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete"මදක් නැවතී සෙනෙහසින් අමතා
Deleteගියානම් නුඹ සිනා මල් අතුරා
සියලු දුක් ලෝකයට පවරා
හිත හදාගෙන ඉන්න මට තිබුණා" කියලත් හිතෙනව ඉතින්
"මදක් නැවතී සෙනෙහසින් අමතා
ReplyDeleteගියානම් නුඹ සිනා මල් අතුරා
සියලු දුක් ලෝකයට පවරා
හිත හදාගෙන ඉන්න මට තිබුණා" කියලත් හිතෙනව ඉතින්