Friday, May 6, 2016

මේ මිනිස්සුන්ගෙ ජීවිත............එයා වැරදි නෑ..........

සාලාවෙ දකුණු කෙළවරේ අපිටම වෙන් කරල තිබුණ ආසනයක මං ගිහින් වාඩි වුණා. මගෙ සගයත් මං ළගමයි. තවම ගොඩත් වෙලාව තියෙනවා හැමදේම පටන් ගන්න. මුලින්ම අපි ආගිය තොරතුරුකතාවුණා. දැන් ඉතින් කතා පෙට්ටි දෙකම වහල. මං මගෙ සුපුරුදු ස්ථාන පරීක්ෂාව පටන් ගත්තා. මෑතකදී නවීකරණය කරල තිබුණත් තාමත් මෙහි ‍‍පෞරාණික ලක්ෂණ බහුලයි. පොළොව සම්පූර්ණයෙන්ම හදල තියෙන්නෙ ලීවලින්. හැබැයි හොදට පොලිෂ් කරල නම් නෑ. ඒත් ඇවිදිනකොට එන ඩගස් ඩොගොස් සද්දෙට මං කැමතියි. උදේම කාර්යබහුල වටපිටාවෙ අතරමං වෙන මං දැන් මොහොතකට හරි ඒ සද්දෙ නැවතිල්ලෙ අහන් ඉන්න පුරුදු වෙලා.  වෙලාව පිටපිටම ‍දෙසැරයක්ම බලල තමයි මං ආයෙත් උඩ බැලුවෙ. ස්ස් ස්ස්ස් ස්ස් ස්ස්ස් සද්දෙට කැරකෙන විදුලි පංකා අතරත් මං මොහොතකට නැවතුණා.තැනින් තැන අලංකාර ලී කැටයම් සහිත සිවිලිම. බැලුවම හරි අලංකාරයි.
මේ ඔක්කොම බලන අතරෙ මං ආයෙමත් සැරයක් හැරිල වට පිට බැලුවෙ නන්නාදුනන මේ සෙනග ගොඩේ මං අදුනනම කෙනො වාඩිවෙලා ඉන්නෙ කොතනද බලන්න වගේ.ඇත්තටම එතම මගෙ කියන කවුරුත්ම නෑ. ඒත් මං ස්ථාන පරීක්ෂාවෙන් පස්සෙ පුරුද්දට වගේ එතන බලනවා. ඔහොම බලනකොට තමයි එයා ළග මගෙ ඇස්දෙක නතර වුණේ. ඔන්න එතකොටම තත්ත්පර වලින් විනාඩිවලින් කියන්න දන්නෙ නැති හුග වෙලාවකට පස්සෙ මගෙ කතාපෙට්ටිය ඇරුණා. “එයාව මං දන්නවා. මං හොදටම දන්නවා. ඒත් කොහොමද කියල මට මතක නෑනෙ.” මං කිව්වෙ මගෙ සගයට. නොහොම හරි කමක් නෑ. මගෙ කතාවෙ කථානායිකාව එයා වෙනවට නම් මුල ඉදලම මගෙ කැමැත්තක් තිබුණෙම නෑ. ඒත් ඒ එයාම තමයි.
මීට පැය ගාණකටම පස්සෙ ලියකියවිලි ගොඩක් එක්ක මට ලැබුණු ෆයිල් මිටිය ගෙදර උස්සගෙන ආවෙනම් මං බොහොම ආසාවෙන්. දන්න තේරෙන කාලෙ ඉදලම මං ආසකරපු දේවල් මං ඉගෙන ගත්ත දේවල් වලින්  වැඩත් ගන්න කාලෙ ඇවිල්ලා.
ඒත් මං මුළ ඉදලම සැක කරපු විදියටම මගෙ අතට ඇවිත් තිබුණෙ එයාගෙ කතාව.
ඔව් මං එයාගෙ කතාව කියවන්න ගත්තෙ සිකුරාද රෑ. හැබැයි නෙසුරාද රෑත් කියවල ඉරිද දවසෙමත් කියවල මං ඉරිදා රෑ අමාරුවෙන් එයාගෙ කතාව කියවල ඉවර කළා. එතකොට මට තිබුණෙ ලොකු ඔලුවෙ කැක්කුමක්. මට කතාව ඇතුළෙන් එයාගෙ රූපෙ මැවි මැවි පෙනුණ. එයා කතා කරන හැටි, හිනාවෙන හැටි, මේ හැමදෙයක්ම අතරින් ඇයි මෙහෙම වුණේ මං ආයෙ ආයෙම කල්පනා කළා. අන්තිමේදි උත්තරයක් නැති හිතට වද දෙන ප්‍රශ්නයක් එක්ක නින්දට ගිය මං ආයෙමත් සදුද උදේ මහා බරක් එක්ක නැගිට්ටා. ඇයි මෙහෙම වූණේ.
මට උත්තරයක් ඕනවුණා. ඒත් ඒකට මට හරි උත්තරයක් ලැබුණෙ නෑ. ඒක ඒකපාර්ෂවික උත්තරයක් . මං ඒක පිළිගන්න කැමති වුණේ නෑ. මං අල්ප්‍රාණව දන්න මේ සාස්තරේ ඇතුලෙ කොහෙවත්ම කියන්නෙ නැති තැනකින් උපුටගත්තු හරි අපූරු කවුන්ටර් ආර්ගියුමන්ට් එකක් තමයි මට තිබුණෙ. ඒ ආර්ගියුමන්ට් එක ඇතුළෙ එයාට වගේම මං දන්න නොදන්න  හැමෝටම චෝදනා එල්ල වුණා. ප්‍රොසීඩියර් එකක් දෙකක් ස්කිප් කරල මං කෙලින්ම ආවෙ හරස් ප්‍රශ්න වටයට.
“ජීවිතේ අවුරුදු ගානක්ම එකට ජීවත් වෙලා, සැප දුක වගේම හැම රහසක්ම බෙදාගෙන අන්තිමේට මෙහෙම ලෝකෙම ඉස්සරහ එක්කෙනෙකුට එක්කෙනෙක් වැරදිකාරයො කරගෙන ගතු කියන්න මිනිස්සුන්ට පුළුවන්ද?”
මට උත්තරයක් ලැබුණෙ නෑ. ලැබුණෙ උපදෙසක්.
“ අපි ජීවත් වෙන මේ සමාජෙ සර්ව සම්පුර්ණ නෑ. මිනිස්සුන්ට විවිධාකාර ප්‍රශ්න තියෙනවා. තමන්ට විසදගන්න බැරි ප්‍රශ්නයක් අරගෙනයි එයාල අපි ළගට එන්නෙ. එතනදි හුගක් සංවේදී වෙනවට වඩා මේ ප්‍රශ්නෙ විසදගන්න අපි එයාලට උදව් කරන්න ඕන. මේ මිනිස්සුන්ගෙ ජීවිත ............”
එයාගෙ කතාව මං ඔයාට සම්පූර්ණෙන්ම කියන්නෙ නෑ. ලෝකෙම ඉස්සරහ ගතු කියාගන්න එයාලට පුළුවන් වුණාට පරෙස්සමටවත් වචන ගලපල ඒ කතාව ඔයාට කියන්න මං දක්ෂ නෑ. ඒ කාලෙ මෙහෙම කතා පොතින් කියවල මං හිනා වෙනවා. කාගෙවත් දේවල් මට මොකටද කියලත් හිතනවා. අන්තිමට අන්වර්ථ නාමෙකුත් දාගෙන ඒක මතක තියාගෙන විභාගෙට ලියල මං ගෙදර එනවා. මේ මිනිස්සුන්ගෙ ජීවිත‍‍........තේරුම් ගන්න හරිම අමාරුයි. සසැලෙන හිතක් එක්ක මේ ගමන යන්න අමාරුයි. තියරියෙන් දකින මනුස්ස ජීවිත හඩන දොඩන ගතු කියන දුටු තැන අහක බලන රවන ගොරවන ආයෙමත් සැරයක් යන්න කලින් හොරැහින් හරි බලල යන මේ මිනිස්සුන්ගෙ ප්‍රැක්ටිකල් ජීවිත ඇතුළෙ නෑ....

සසැලෙන හිතක් තියාගෙම මේ ගමන යන්න හරි අමාරුයි.........


එයා වැරදි වෙන්න බෑ. මං මගෙ ඒකපාක්ෂික තීන්දු ප්‍රකාශෙ නිකුත් කළා. 

8 comments:

  1. ලයිෆ් එක පොලි.. ඒ ගැන නොහිතනවනං.. හැක්.. මතක තියාගන්න ඔයා මැරෙන දවසත් දැනටම වෙන් කරලයි තියෙන්නේ.. අන්න එදාට මුණ දෙන්න සුදානං වෙන්න

    ReplyDelete
    Replies
    1. සසැලෙන හිතක් තියාගෙන මේ ගමන යන්න හරි අමාරුයි. මේ මිනිස්සුන්ගෙ ජීවිත. මේ තමයි මට ලැබුණු උපදෙස. හැබැයි මට තාමත් ඒක කරන්න බැරි වුණා. මං දන්න දේවල් අතරින් වැඩිපුරම දන්න විෂයත් මං අසමත්. පුංචි දේටත් සැලෙන හිතක් ඉතින් මරණයට සූදානම්

      Delete
  2. සසැලෙන හිතක් තියාගෙන මේ ගමන යන්න හරි අමාරුයි. මේ මිනිස්සුන්ගෙ ජීවිත. මේ තමයි මට ලැබුණු උපදෙස. හැබැයි මට තාමත් ඒක කරන්න බැරි වුණා. මං දන්න දේවල් අතරින් වැඩිපුරම දන්න විෂයත් මං අසමත්. පුංචි දේටත් සැලෙන හිතක් ඉතින් මරණයට සූදානම්

    ReplyDelete
  3. මේ ලොකේ කවුරුවත් හරිත් නැ වැරදිත් නැ, දේවල් වෙනවා විතරයි.. හැමදේම එන යන මේ ලොකේ ප්‍රේමයත් එනවා යනවා.. මොහොතක්වත් පමා නොවී විඳගන්නා අය වින්දනීයව ගෙවන දිවිය පමාවුවන් විඳවන අරුම පුදුම ලොවක්..සසල හිත් නිසල කලහැක්කේ තමාටම මිස අන් කිසිවෙකුට නොවේ මේ අරුම පුදුම ලොවේ....

    ReplyDelete
    Replies
    1. එතනදි මං දැකපු හුග දෙනෙක් ජීවිතේදි පමාවෙලා. හේකු විවිධාකාරයි.ඒත් අවසාන පිළිතුර එකයි. හීන මවන ලෝකෙට වඩා සැබෑ ලෝකෙ හරිම වෙනස්. නුහුරු නුපුරුදු ලෝකෙක මිනිසුසුන්ගෙ ප්‍රතිචාර හැසිරීම් අරුම පුදුමයි

      Delete
  4. ටික දවසක් තිස්සෙ නොලිව්වම මං හිතුව වැඩ ගොඩක හිරවෙලා ඇති කියල. //තියරියෙන් දකින මනුස්ස ජීවිත, හඩන දොඩන ගතු කියන දුටු තැන අහක බලන රවන ගොරවන ආයෙමත් සැරයක් යන්න කලින් හොරැහින් හරි බලල යන මේ මිනිස්සුන්ගෙ ප්‍රැක්ටිකල් ජීවිත ඇතුළෙ නෑ// මේ ටික වැදුන. ලියන්න අරුණි.. මං කියවන්න නොඉවසිල්ලෙං බලන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ ටික දවසට හිත කෑ ගහපු තැන් නම් ගොඩයි. ඒත් දවසම මහන්සි වෙලා එහෙට මෙහෙට දුවල ගෙදර එනකොට ලියන්න තරම් පණක් නෑග බාගෙට මැරිල. ඇත්තමයි අපිට මොන ප්‍රශ්නද කියල හිතෙනව මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දැක්කම.‍ මං බැරිම තැන අහපු දේට මට ලැබුණ උත්තරේ තමයි ඔය 'සසැලෙන හිතක් තියාගෙන මේ ගමව යන්න අමාරුයි'ග ඒත් මේ හැමෝම පව්

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete