Sunday, September 18, 2016

නමක් නැති අදහසක්

"රණ මග ඔස්සේ නන්දිකඩාල් "ඒ තමයි  පහුගිය දවස් ටිකේම මගෙ සිහිනය. පහුගිය දවස් ටි‍ක‍ේම මං බලන් උන්නෙ  පොත් ප්‍රදර්ශනයට යන්න. ගිය ගමන්ම මේ පොත මිලදී ගන්න. හැබැයි අන්තිමට ඒක හීනයක්ම වුණා.පළමු දවසෙම එහි පිටපත් සියලල්ම අවසන් වෙළා.  පළමු දවස මං මග හැරියෙ දෙවෙනි දවසෙ වඩාත් පහසුවෙන් ගමන ගිහින් ඕන කරන පොත් ටික තෝරගන්න හිතාගෙන.  මගේ පොත් ලැයිස්තුවේ ඊට අමතරව තවත් යුද්ධය හා බැ‍දුණු පොත් පත් කිහිපයක්ම තිබුණා. තමලිනී ජෙයකුමාරන්ගේ "තියුණු අසිපත සෙවණ යට", සුනිලා විජේසිංහයන් ලියූ " කොටි දියණියකගේ පාපොච්චාරණය", "Gota's War" කෘතිය, "කිසිදාක සතුරාට යටත් නොවූ මා" වගේම වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා විසින් ලියන ලද "අධිෂ්ඨානය"ද ඒ අතර විය. ඉදින් තමලිනී ජෙයකුමාරන්ගේ තියුණු අසිපත සෙවණ යට කෘතිය හැරුණූ ක‍ොට මා අන් කිසිදු පොතක් ඇහැටවත් දැක්කේම නැත.ඉතින් අවසානයේ ලැයිස්තුවේ නැති පොත් ගොන්නක්ම මල්ලට එකතු වුණා. මොහාන් රාජ් මඩවලගේ "රැජින"  මිලදී ගත්තේ ඒ නිසා.

මගේ කියවීම් ලැයිස්තුවේ යුද්ධය ආශ්‍රිත පොත් ගොඩක් .තියෙනවා. ඇත්තටම මිනිස්සු කුතුහලය පිරුණු ජාතියක්. ඉතින් ඇත්තටම වුණේ  ‍මොකක්ද දැනගන්න හැමෝම කැමතියි. මටනම් ඒක කැමැත්තකට වඩ එහා ගිය වුවමනාවක් අවශ්‍යතාවක්. හැමෝටම ඒ ගැන කියන්න කතාවක් තියෙනවා. තම තමන් දැකපු විදියට තම තමන්ට දැනුණූ විදියට. 
කෝම වුණත්  "රණ මග ඔස්සේ නන්දිකඩාල් " කෘතිය මිලදී  ගන්නම ඔන. ඒත් එක්කම අනිත් පොත් ටිකත්. හැමෝටම කියන්න තියෙන කතා‍ව‍ෙ ඇත්ත දැනගන්නම ඕන. 
 එක අතකට හිතුවොත් අපි අතීතෙ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ වළගම්බා රජ්ජුරුවන්ගෙ වගේ කතා කියවලා අහලා  අපේ අතීතෙ ගැන ඉගෙන ගත්තා . අද ජීවත් වෙන අපේ අතීතෙ බොහෝ දෙනාගෙ පලයින් කදුලින් ලියැවිලා තියෙන බව අපි ඉගෙන ගත්තා. ඉතින් දවසක අපේ දරුවො ඒ දරුවන්ගෙ දරුවොත් රජකථා වගේම මේ යුධ කතාවත් දැනගන්නම ඕන.
ඒ කොහොම වුණත් තාම කියවලා  ඉවර නැති වුණත් රැජින කෘතියෙන් කොටස් කීපයක් උපුටා ගන්න මට හිතුණා. බැලූ බැල්මට නවකථාවක් වුණාට වරින් වර විවිධ රසයන් ඉස්මතු කළාට ඇත්තටම ඒ ඇතුළෙ හැංගිලා තියෙන දේශපාලන යථාර්ථයට මං කැමතියි. හරියටම  නවකථාව ඇතුළෙන් හීනියට එල්ලකරපු සමාජ උපහාසයක් වගේ. 

"රණ මග ඔස්සේ නන්දිකඩාල් " කෘතියට තියෙන ඉල්ලුම ගැන මුහුණූ පොතේ බොහෝ දේ පළවුණා. බොහෝ දෙනාට බොහෝ අර්ථකථන තිවුණා. එක තැනක මං දැකපු  මට හොදටම මතක හිටපු කතාවක් වුණේ " කිරිබත් කාළා යුද්ධයේ සතුට සමරපු ජනතාවට තවත් සතුටු වෙන්න ක්‍රමයක් විදියට. ඒ වගේම අතීතයේ අමිහිරි මතක හාරවුස්සල සතුටු ‍ වෙන ක්‍රමයක් විදියට". ඒත් මේ ගැන මට තියෙන්නෙ වෙනස්ම අදහසක්. 




අපි ඉගනගත්තු  අතීත රජ කතා වගේ අපේ දරුවොත් ඒ දරුවන්ගෙ දරුවොත් එදා ඇත්තටම මොකද වුණේ කියල දැනගන්න ඕන. නිදහසේ හුස්ම ගන්න මේ මහපොළොවෙ අපි නමවත් නොදන්නන දැකලවත් නැති වීර හදවත් තිබුණූ වීරවරයො වීරවරීයො එහෙම දරුවො ලෝකෙට බිහිකරපු වීර මව් පියො අනන්ත ගණනක් හිටිය බව ඒ අයට දැනෙන්න ඕන. අපේ හුස්ම ටික වෙනුවෙන්  සියදහස් ගණනක් අය තමන්ගෙ ලේ දහඩිය කදුළු මේ පොළොවට එකතු කළ බව ඒ අයට දැනෙන්න ඕන. ලේබල් ගහල කොටු ගහල සීමා මායිම් ඇදළ උළුප්පන්න හදන ඇත්තට වඩා බරපතළ ඇත්තක් හැංගිලා තියෙන බව ඒ අයට හැගෙන්න ඕන.  යුද පෙරමුණේ ඉදිරියෙන්ම හිටපු සෙබළාට වගේම ත්‍රස්ථ පෙරමුණේ ඉදිරියෙන්ම හිටපු ත්‍රස්තයටත් ඊට ආනුභූතී වෙච්ච කතාවක් තිබුණූ බව වැටහෙන්න ඔන. සිංහල දෙමළ මුස්ලිම් හදවතක් නෑර ජීවිතය වගේම එක මොහොතක හුස්ම පොදක බලාපොරොත්තුව බය බීරාන්තර වෙච්ච යුගයක තිබුණු බව වැටහෙන්න ඕන. 



ඉතින්  රැජින කෘතියෙන් හරි අපූරුවට ‍වෙන කතාවක් කියන ගමන් අපි වටහගන්න ඕන දේශපාලන යථාර්ථය ඒ ඇතුළෙ දක්වල තිබුණා.  

".......දුටුගැමුණු යුගයෙන් සිය අවුරුද්දකට පමණ පසු අපේ වෑයම විය යුත්තේ දෙමළ සිංහල මිනිසුන් අතර ළෙන්ගතුකම නැවත ඇති කිරීමට උත.්සාහ කිරීමයි. ඉතින් එහෙමනම් ‍දෙමළ මිනිහෙක් යුව රජු වීම ජාතික අපරාධයක් වන්නේ කොහොමද?...."

"....සිංහල මිනිස්සු කැමතියි තමන්ගෙ සිංහල කම ගැන විතරක් හිතන රජකෙනෙකුට.  දෙමළ මිනිස්සු කැමතියි තමන්ගෙ දෙමළ කම ගැන විතරක් හිතන රජකෙනෙකුට.ඒත් මුළු රටම ගැන හිතන රජ  කෙනෙක්. ඊට වඩා ගැඹුරට දුරට හිතන රජ කෙනෙක් වෙන්න ඕන..."

"...නූගත් අවිචාරශීලී මිනිසුන් කුපිත කිරීමට මේ බො‍රැ සිංහල බෞද්ධ හැගීම තරම් තවත් කදිම නිමිත්තක් නොමැති බව ඔහු දනී. ජාතියකට ආගමකට හෝ කුලයකට එරෙහිව අවි අමෝරා ගන්නට බුද්ධ ධර්මයේ කොතැනකවත් සටහන් වී නොතිබීම එහිදී ඔහුට අබැටක් තරම්වත් වැදගත් නැත......."

" .... ‍මේක මේ රටේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. මිනිස්සුන්ට ඕන නිදහසේ ජීවත් වෙන්න. හැකිවිදියට කර්මාන්තයක් කරගෙන කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න. ඒත් මකලන්තිස්ස වාගෙ අවස්ථාවාදී නරුමයන්ට ඕන වෙළ‍ා තියෙන්නෙ ඒ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත උතසට තියල හරි තමන්ගෙ බල ලෝභී සිහිනය සැබෑ කර ගන්න. ...."

මං කථාව කියවල ඉවර නෑ. අවසානෙ කොහොම වෙයිද කියන්න මං දන්නෙ නැ. ඒත් හැමදාම හිතපු සිතුවිල්ලට මේ කථාවෙ ජීවයක් දීල කියල මට හිතුණා. කාම දේවියක් කියපු අනුලා දේවියව සාධාරණීකරණය කිරීමටත් වඩා ඉකිහාස කථාවක් ලස්සනට ප්‍රතිනිර්මාණය කිරීමටත් වඩා ඒ ඇතු‍ල‍හෙැංගුණූ මේ දේශපාලන කථාවට මං කැමතියි.  සමහර විට කථා‍ව‍ෙ අඩුවෙන්ම අවධානයට ලක්වෙන කොටස මේ ටික වෙන්න පුූළවන්. ඒත් මට හිතෙන්නෙ වැදගත්ම ටික ඒ ටික. 

මෑතකාලීන ශ්‍රී ලංකාවෙ අත්දැකීම් එක්ක හරි අපූරුවට මේ කියමන් ගැලපෙනව. 


"නූගත් අවිචාරශීලී මිනිසුන් කුපිත කිරීමට මේ බො‍රැ සිංහල බෞද්ධ හැගීම තරම් තවත් කදිම නිමිත්තක් නොමැති බව" විතරක්ම මං ආයෙත් මතක් කරනවා.

1 comment:

  1. කෑ ගහන හිත, මම මේ රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවන ගමන් ඉන්නේ. ඔය හිත කියන්නේ ඇත්ත. මම ටම් පොත කියවන්න ගත්තේ මේ පොළවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් විදිහට අපේ රටේ මේ දේවල් කවදා හරි අපේ දරුවෙක්ටත් කියලා දෙන්න ඕන නේද, ඒ වගේම අපි දැනගෙන ඉන්න ඕන නේද කියන අදහසින්. නැතුව ඔය මතධාරීන් කියන කුණු රස විඳලා සතුටු වෙන්න නෙමෙයි. සමහර තැන් තියනවා මේ පොතේ ඇත්තටම කෑ ගහලා අඬන්න කියලා හිත බල කරන. ඇත්තටම මේ පොත මට නම් මහා වංශෙටත් වඩා වටින ඉතිහාස පොතක්. අනික තමයි මීළඟට තියුණු අසිපතක සෙවණ යට පොත කියවන්නත් ඕන. අපි හැම දේම දැන ගන්න අඩුම තරමේ මේ පොත් දෙකවත් කියවන්න ඕන මම හිතන්නේ.

    ReplyDelete